මැදපෙරදිග කලාපයේ දින 250කට වැඩි කාලයක් රැඳී සිටින ඇමෙරිකාවේ ‘යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සෙබළුන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය මේ වන විට ලෝකයේම අවධානයට ලක්වෙලා. නෞකාවේ සිටින 5,000ක් පමණ වන පිරිස ආහාර හිඟය, ජල දූෂණය, වැසිකිළි පද්ධති අක්‍රිය වීම සහ මානසික පීඩනය වැනි බරපතළ ගැටලු රැසකට මුහුණ දෙන බව වාර්තා වෙනවා. සමහර සෙබළුන් සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කර ඇති බවත්, තවත් අය නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කළ බවත් පවුල්වල අය පවසනවා. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙනෙට් සභික රිචඩ් බ්ලූමන්තාල් දැඩි විරෝධයක් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයාගෙන් වහාම පිළිතුරු ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ මෙම වාර්තා අසත්‍ය බවයි. නෞකාවේ සෙබළුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට රජය කැපවී සිටින බවත්, යුදමය වාතාවරණයක් තුළ සැපයුම් දාමයන්හි යම් බාධා ඇති වුවත් මූලික අවශ්‍යතා සපුරා ඇති බවත් නාවික හමුදාව පවසනවා. මුලින් මැයි මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ මෙම මෙහෙයුම කිහිප වතාවක්ම දීර්ඝ කිරීම නිසා සෙබළුන් දැඩි වෙහෙසකට පත්ව සිටිනවා. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ඉදිරියේදී ‘යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන්’ නෞකාව මගින් මෙම නෞකාව ප්‍රතිස්ථාපනය කිරීමට ඇමෙරිකාව සැලසුම් කරමින් සිටින බවයි දැනගන්න ලැබෙන්නේ.

Discussion & Feedback