මොඩියුලර් සහ පහසුවෙන් අලුත්වැඩියා කළ හැකි පරිගණක නිෂ්පාදනය කරන ප්රසිද්ධ Framework සමාගම තමන්ගේ සියලුම පාරිභෝගිකයන්ගේ පෞද්ගලික දත්ත හැකර්වරුන් විසින් සොරාගෙන ඇති බව නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඔවුන් භාවිතා කරන ව්යාපාරික බුද්ධි තොරතුරු සපයන Metabase නම් ආයතනයේ ඇති වූ සයිබර් ප්රහාරයක් නිසා. මේ ප්රහාරය හරහා පාරිභෝගිකයන්ගේ නම්, ඊමේල් ලිපින, දුරකථන අංක සහ නිවෙස් ලිපින වැනි තොරතුරු හැකර්වරුන් අතට පත්වෙලා තියෙනවා.
කෙසේ වෙතත්, Framework සමාගම පවසන විදිහට පාරිභෝගිකයන්ගේ කිසිදු බැංකු කාඩ්පත් තොරතුරක් හෝ ගෙවීම් විස්තරයක් මේ හැකර් ප්රහාරයට ලක්වෙලා නැහැ. Metabase සමාගම සඳහන් කරන්නේ ඔවුන්ගේ පද්ධතියේ තිබූ හඳුනා නොගත් ආරක්ෂක දුර්වලතාවයක් (zero-day exploit) හරහා හැකර්වරුන් ඔවුන්ගේ ක්ලවුඩ් සේවාදායකයන්ට ඇතුළු වී ඇති බවයි. මේ වන විටත් Framework සමාගම තමන්ගේ සියලුම පාරිභෝගිකයන්ට මේ ගැන දැනුම් දීලා තියෙනවා.
මේ සිදුවීම නිසා ලක්ෂ ගණනක් පාරිභෝගිකයන්ගේ දත්ත අනතුරේ වැටිලා තියෙනවා. සමාගම මේ ගැන පරීක්ෂණ පවත්වන අතර, තමන්ගේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සියලුම පියවර ගන්නා බවත් ඔවුන් ප්රකාශ කරනවා. ඔබත් Framework පරිගණක භාවිතා කරන්නෙක් නම්, ඉදිරියේදී එන සැක සහිත ඊමේල් හෝ පණිවිඩ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback