ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයකින් ‘පැබ්ස්ට් බ්ලූ රිබන්’ (Pabst Blue Ribbon) බියර් ටින් දහස් ගණනක් පටවා තිබූ ලොරි රථයක් වංචනික ලෙස සොරාගෙන ගොස් තියෙනවා. වටිනාකම ඇමරිකානු ඩොලර් 25,000ක් පමණ වන මෙම බියර් තොගය, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් කිසියම් පුද්ගලයෙක් විසින් රැගෙන ගොස් ඇත්තේ සැබෑ බෙදාහරින්නා ලෙස පෙනී සිටිමින්. මේ සිදුවීම ඇත්තටම විහිළුවක් වගේ පෙනුනත්, සමාගම මේ ගැන ඉතාමත් බැරෑරුම් ලෙස කටයුතු කරන බවයි පවසන්නේ.
පොලිසිය පවසන විදිහට එදිනම එම මධ්‍යස්ථානයෙන්ම තවත් බියර් තොගයක් මෙවැනිම වංචනික ක්‍රමයකට සොරාගෙන ගොස් තියෙනවා. මේ නිසා මෙය සංවිධානාත්මක කල්ලියක වැඩක්දැයි පොලිසිය සැක කරනවා. මේ ගැන සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් නිකුත් කරමින් පැබ්ස්ට් සමාගම පවසන්නේ, බියර් තොගය ආපසු ලබා දෙන ලෙසත්, ඒ සඳහා දින 18ක් සහ මිනිත්තු 44ක කාලයක් ලබා දෙන බවත්ය. මෙය ඔවුන්ගේ සමාගම ආරම්භ කළ වසර වන 1844 සිහිපත් කිරීමක් ලෙස ඔවුන් සඳහන් කරනවා. කෙසේ වෙතත්, බියර් තොගය සොයා ගැනීමට උදව් වන ඕනෑම අයෙකුට විශේෂ ත්‍යාගයක් ලබා දීමටත් ඔවුන් තීරණය කරලා තියෙනවා.

Discussion & Feedback