ඉතාලියේ සුන්දර කෝමෝ නගරයේ නගරාධිපති ඇලෙස්සැන්ඩ්‍රෝ රැපිනීස් මහතා විසින් නගරයේ ප්‍රධාන වීදි කිහිපයක බයිසිකල් පැදීම තහනම් කිරීමට පියවර අරන් තියෙනවා. මේ තීරණය අරන් තියෙන්නේ පසුගිය ජූලි මාසයේදී නගරාධිපතිවරයා නගර ශාලාවෙන් එළියට එන අතරතුර විදුලි බයිසිකලයක ගැටීමෙන් අනතුරකට ලක්වීම නිසයි. ඔහු පවසන විදිහට මේ විදුලි බයිසිකල් නගරයේදී හැසිරෙන්නේ ඉතාමත් භයානක විදිහට. ඒ නිසා සැප්තැම්බර් මාසයේ සිට නගරයේ වීදි 30ක පමණ ප්‍රදේශයක බයිසිකල් පැදීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. දැන් ඒ ප්‍රදේශවලදී බයිසිකල් පදින්නන් අනිවාර්යයෙන්ම බයිසිකලයෙන් බැස එය තල්ලු කරගෙන යා යුතුයි.
මේ නව නීතිය යටතේ විදුලි බයිසිකල් වගේම සාමාන්‍ය බයිසිකල්වලටත් එකම නීතිය ක්‍රියාත්මක වෙනවා. නගරාධිපතිවරයා මේ තීරණය ගත්තේ නගරයේ සංචාරක ව්‍යාපාරය කළමනාකරණය කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව රථවාහන නීති මාලාවක කොටසක් විදිහටයි. කෙසේ වෙතත්, මේ තීරණයට ප්‍රදේශවාසීන්ගෙන් විශාල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. මේ නීතිය අසාධාරණ බව පවසමින් ප්‍රදේශවාසීන් අන්තර්ජාලය හරහා පෙත්සමක් අත්සන් කරන අතර, සැප්තැම්බර් 12 වැනිදා විරෝධතා පාගමනක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කරලා තියෙනවා. යුරෝපයේ අනෙකුත් රටවලත් මෙවැනි සීමා කිරීම් ක්‍රියාත්මක වුණත්, කෝමෝ නගරයේ ජනතාව නම් මේ තීරණයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

Discussion & Feedback