ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංග සහ රිදී පදක්කමක් දිනාගත් පාලිත බණ්ඩාර වෙනුවෙන් අද (05) කොළඹදී ඉතාමත් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. ටොරින්ටන් චතුරශ්‍රයෙන් ආරම්භ වූ මෙම රථ පෙළපාලිය කොළඹ නගරය හරහා ගමන් කළ අතර, මඟ දෙපස රැස්ව සිටි විශාල පිරිසක් සහ පාසල් දරුවන් තම දක්ෂ ක්‍රීඩකයන්ව උණුසුම් ලෙස පිළිගත්තා. නගර සභා පරිශ්‍රයේදී කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තාසාර් මහත්මිය ඇතුළු පිරිසක් ද ඔවුන්ව පිළිගැනීමට එක්ව සිටීම විශේෂත්වයක් වුණා.
පසුව ටොරින්ටන් චතුරශ්‍රයේදී පැවැති නිල උත්සවයට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් රජය උපරිම සහාය ලබා දෙන බවයි. විශේෂයෙන්ම ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහන හරහා ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ අනෙකුත් සියලුම සහයෝගයන් ලබා දෙමින්, 2028 ඔලිම්පික් උළෙල ජයග්‍රහණය කිරීම ඉලක්ක කරගෙන ක්‍රීඩා ක්ෂේත්රය නංවාලීමට රජය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback