මේ දිනවල අහසේ අපූරු දසුනක් මවන මැක්නොට් (220P/McNaught) වල්ගා තරුව ගැන අභ්යවකාශ ලෝලීන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. සාමාන්යයෙන් බොහොම අඳුරු වල්ගා තරුවක් වුණත්, හදිසියේම සිදුවුණු පිපිරීම් කිහිපයක් නිසා මේ වල්ගා තරුව සාමාන්ය ප්රමාණයට වඩා 20,000 ගුණයකින් දීප්තිමත් වෙලා තියෙනවා. අවුරුදු 5.5කට සැරයක් සූර්යයා වටා ගමන් කරන මේ වල්ගා තරුව පසුගිය ජූනි මාසයේදී සූර්යයාට ආසන්නතම ස්ථානය පසු කළා. මේ වන විටත් එය තරමක් දීප්තිමත් මට්ටමක පවතින නිසා දුරේක්ෂයක් හෝ හොඳ බයිනොකියුලර් එකක් තියෙනවා නම් ඔබටත් මේ අපූරු දසුන දැකගන්න පුළුවන්.
මේ වල්ගා තරුව හොයාගන්න නම් මධ්යම රාත්රියේදී නැගෙනහිර අහස දෙස බලන්න. එහිදී ටෝරස් (Taurus) තාරකා රාශියේ ‘V’ හැඩයේ තියෙන හයඩීස් තරු පොකුර හඳුනාගන්න. මැක්නොට් වල්ගා තරුව පිහිටලා තියෙන්නේ ඔමික්රෝන් ටෝරි (Omicron Tauri) කියන ද්විත්ව තාරකා පද්ධතියට ආසන්නවයි. සැප්තැම්බර් 10 සහ 11 වැනිදාට යෙදෙන අමාවක කාලයේදී අහස ඉතා අඳුරු නිසා, මේ වල්ගා තරුව නිරීක්ෂණය කරන්න සහ ඡායාරූප ගන්න ඉතාමත් සුදුසුම කාලය උදාවෙනවා. ඉදිරි සති කිහිපයේදී වල්ගා තරුවේ දීප්තිය තවත් වෙනස් වෙන්න පුළුවන් නිසා, අභ්යවකාශය ගැන උනන්දුවක් දක්වන ඔබට මේක අතපසු නොකළ යුතු අවස්ථාවක්.

Discussion & Feedback