කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජල කප්පාදුව තවත් දීර්ඝ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මුලින් සැලසුම් කරලා තිබුණේ අද (04) රාත්‍රී 8.00 වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන්න වුණත්, දැන් ඒ කාලය රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කරලා තියෙනවා කියලා තමයි ඔවුන් දැනුම් දෙන්නේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු අතරතුර හඳුනාගත් ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක කාන්දුවක් අලුත්වැඩියා කිරීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින නිසයි මේ විදිහට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙන්නේ. මේ හේතුවෙන් කොළඹ අවට පදිංචි ජනතාවට තවත් පැය කිහිපයක් ජලය නොමැතිව අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙනවා.
මේ අලුත්වැඩියා කටයුතු හැකි ඉක්මනින් අවසන් කරලා ජල සැපයුම ලබා දෙන්න ජල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය මේ වෙද්දිත් දැඩි උත්සාහයක නිරත වෙනවා. ඒ නිසා ජල පාරිභෝගිකයන් හැමෝම මේ කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවත් ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback