කොළඹ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉදිකළ ස්ටේඩියම්ගම නිවාස සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි මේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 9,850ක මුදලක් වැය කරලා තියෙන්නේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මූල්‍ය ආධාර ඇතිවයි. නිවාස ඒකක 1,000කින් සමන්විත මේ සංකීර්ණය සැප්තැම්බර් මාසයේදී ජනතාවට පදිංචිය සඳහා ලබා දීමට නියමිත බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
පසුගියදා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මහල් 14කින් යුත් බ්ලොක් හතරකින් සමන්විත මෙහි පදිංචි වන ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ඇතුළත් කරලා තියෙනවා. ඒ අතරට ප්‍රජා ශාලාවක්, ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්, පෙර පාසලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, පොලිස් මුරපොළක් සහ ළමා උද්‍යානයක් වගේම වෙළඳසැල් 20ක් සහිත පොදු වෙළඳපොළකුත් ඇතුළත් වෙනවා.
මෙහිදී අදහස් දක්වපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කිසිදු දේශපාලන, ජාතික හෝ ආගමික භේදයකින් තොරව රජයේ ප්‍රතිපත්තියට අනුව සුදුසුම ප්‍රතිලාභීන් තෝරාගෙන ඔවුන්ට මේ නිවාස ලබා දෙන බවයි. පදිංචිකරුවන්ට ඉතා පහසු සහ ගුණාත්මක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලුම මූලික පහසුකම් මේ නිවාස සංකීර්ණය තුළින්ම ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.

Discussion & Feedback