ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් පැළඳුම් සොයන ඔබට දැන් ඉතා පහසුවෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ ලබාගන්න පුළුවන් අලුත්ම තැනක් කොළඹ 02 ප්‍රදේශයේ විවෘත වෙලා තියෙනවා. ‘කොළඹ ස්පෝර්ට්ස් හබ්’ (Colombo Sports Hub) නමින් නම් කර ඇති මෙම නවතම වෙළඳසැල පිහිටා තිබෙන්නේ සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ, රීගල් සිනමා ශාලාවට යාබදවයි. වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම ක්‍රීඩාව විනෝදාංශයක් කරගත්ත ඕනෑම කෙනෙක්ට තමන්ට අවශ්‍ය සියලුම ක්‍රීඩා උපකරණ, පාවහන් සහ ඇඳුම් එකම වහලක් යටින් මිලදී ගැනීමේ අවස්ථාව මෙහිදී ලැබෙනවා.
මෙම වෙළඳසැලේ විශේෂත්වය වෙන්නේ ලෝකයේ පිළිගත් ප්රමුඛ පෙළේ ක්‍රීඩා සන්නාමවල උසස් තත්ත්වයේ භාණ්ඩ ඉතා පහසුවෙන් පාරිභෝගිකයන්ට ලබාගන්න පුළුවන් වීමයි. කොළඹ නගරයේ මධ්‍යම ස්ථානයක පිහිටා තිබීම නිසා ක්‍රීඩා කණ්ඩායම්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට ඉතා පහසුවෙන් මෙහි පැමිණෙන්න පුළුවන්. ලේක් හවුස් ආයතනයට විරුද්ධ පැත්තේ, රීගල් සිනමා ශාලාව අසලම පිහිටා ඇති නිසා ඔබට ඉතා පහසුවෙන් මෙම ස්ථානය සොයාගන්න පුළුවන්. ඔබත් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් නම්, අලුත්ම සහ උසස්ම තත්ත්වයේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගන්න අදම කොළඹ ස්පෝර්ට්ස් හබ් වෙත පිවිසෙන්න.

Discussion & Feedback