මෙවරත් කොළඹ ගාලු මුවදොර පිටිය වර්ණවත් කරමින් ‘දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් උළෙල 2026’ අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට සියල්ල සූදානම්. රටවල් 30කින් පැමිණෙන ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන් 80 දෙනෙකු සහ දේශීය ශිල්පීන් 1500කට අධික පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතයි. දහවල් 1.00 සිට සවස 6.30 දක්වා ප්‍රධාන උළෙල පැවැත්වෙන අතර, ඉන්පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන රාත්‍රී සරුංගල් උළෙල හරහා ආලෝකමත් වූ සරුංගල් අහසේ පාවෙන අයුරු ඔබට දැකගන්න පුළුවන්. රාත්‍රී 7.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා සංගීත ප්‍රසංගයක් සහ ෂැංග්‍රි-ලා හෝටලය අසලදී ආහාර උළෙලක් ද පැවැත්වෙනවා.
මෙවර උළෙල සතියක් පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවක් ලෙස සංවිධානය කර තිබීම විශේෂත්වයක්. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ චීනය වැනි රටවල විශේෂඥයින් විසින් දරුවන් 630කට වැඩි පිරිසකට සරුංගල් නිර්මාණය කිරීමේ පුහුණුව ලබා දී තිබෙනවා. මහනුවර ඇසළ පෙරහැර තේමා කරගනිමින් පැවැත්වෙන මෙම උළෙලට සමගාමීව පැරණි වාහන පෙළපාලියක් සහ වරාය නගරයේදී රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා විශේෂ වැඩසටහන් ද ඇතුළත්. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් පැවැත්වෙන මෙම උළෙල, අපේ රට ලෝකයට හඳුන්වා දෙන විශිෂ්ට සංචාරක අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback