කොළඹ නගරයේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මේ යටතේ කොළඹ පාසල් 86ක කැන්ටිම්වල ආහාර රටාව සහ සෞඛ්‍ය තත්ත්වය නියාමනය කිරීම සඳහා අලුත් ප්‍රතිපත්තියක් හඳුන්වා දීලා තියෙනවා. කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසන විදිහට, පසුගිය වසර කිහිපය තුළ කොළඹ දරුවන් අතර තරබාරුකම දෙගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම අනිවාර්ය කරමින් මේ පියවර අරන් තියෙන්නේ.
මේ වැඩසටහන යටතේ පාසල් කැන්ටිම්වලට අවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ ලබා දීලා තියෙනවා වගේම, ආහාරවල ගුණාත්මකභාවය පවත්වා ගන්න නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමකුත් සිද්ධ වෙනවා. ඒ වගේම දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීම සහ කැන්ටිම් සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමත් මෙහි විශේෂත්වයක්. ‘පාට්නර්ෂිප් ෆෝ හෙල්ති සිටීස්’ ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මේ වැඩසටහන හරහා දරුවන් තුළ කුඩා කාලයේ සිටම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ඇති කිරීම නගර සභාවේ බලාපොරොත්තුවයි.
මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න පාසල් ප්‍රජාව, දෙමාපියන් සහ කැන්ටිම් පවත්වාගෙන යන අයගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් වැදගත් කියලා නගරාධිපතිතුමිය සඳහන් කරනවා. ඉදිරියේදී මේ හරහා කොළඹ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය මට්ටම සැලකිය යුතු ලෙස දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා තමයි බලධාරීන් බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback