පසුගිය සඳුදා රාත්‍රියේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කළා. ඒ අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවලට ඉහළින් පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් කැලණි ගඟට රසායනික ද්‍රව්‍යයක් කාන්දු වූ බවට තොරතුරු ලැබීමත් සමඟයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගත් බව ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළා. වාසනාවකට මෙන්, පසුව සිදුකළ පරීක්ෂණවලින් ජලයේ ගුණාත්මකභාවය ප්‍රමිතියට අනුකූල බව තහවුරු වීමෙන් පසු ජල සැපයුම යථා තත්ත්වයට පත් කළා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි, පෞද්ගලික සමාගමකට අයත් රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේදී මෙම කාන්දුව සිදුව තිබෙනවා. අදාළ වාහනය අංගනයකට ගෙන ගොස් සේදීමේදී මෙම රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්යක්ෂ එස්.පී. සමරකෝන් මහතා තහවුරු කළා. මූලික පරීක්ෂණවලදී මෙම රසායනිකය විෂ සහිත නොවන බව හඳුනාගෙන තිබුණත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි. සිද්ධියට වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසියට පැමිණිලි කර ඇති අතර, ජල සැපයුම අත්හිටුවීම නිසා ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කනගාටුව පළ කර තිබෙනවා.

Discussion & Feedback