කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ ආකර්ෂණීය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව ලෝක බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය හරහා කොටුව ප්‍රදේශයේ ඓතිහාසික ගොඩනැගිලි සහ ස්ථාන ආරක්ෂා කරමින් සංචාරක ආකර්ෂණය වැඩි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමඟ සම්බන්ධ කරමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට මෙහිදී අපේක්ෂා කරනවා.
මෙම ව්‍යාපෘතියේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමටයි. ඒ සඳහා මේ වන විටත් මූලික අධ්‍යයනයන් සිදු කෙරෙන අතර, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නගර සභාව සමඟ එක්ව සමස්ත සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ වගේම මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජල මාර්ග සංවර්ධනයට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Discussion & Feedback