ඇමරිකාවේ මේන් ප්‍රාන්තයේ බිඩ්ෆෝර්ඩ් ප්‍රදේශයේදී සිදුකළ ආගමන විගමන මෙහෙයුමක් අතරතුරදී ICE නිලධාරියෙකු විසින් කොලොම්බියානු ජාතිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ සඳුදා උදෑසන කාලයේදීයි. බලධාරීන් මුලින් පවසා තිබුණේ මොහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි අයෙකු බවයි. නමුත් පසුව අනාවරණය වී ඇත්තේ ඔහු කිසිදු වරෙන්තුවක් නොමැති, නීත්‍යානුකූලව වැඩ කිරීමේ අවසරය සහිත අයෙකු බවයි. මෙම සිදුවීම මේන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ඇතුළු බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් මියගිය තැනැත්තා ජෝන් සෙබස්තියන් ගුරේරෝ ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහුට තුන් හැවිරිදි දියණියක් සිටින බවත් වාර්තා වෙනවා. සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ නිලධාරීන් වාහනයක් වට කරගෙන කෑගසමින් සිටියදී වෙඩි හඬ ඇසුණු බවයි. තම සැමියාගේ මළ සිරුර අසල බිරිඳ වැටී හඬා වැලපෙන අයුරුත්, කුඩා දියණිය අසරණව බලා සිටින අයුරුත් දුටු බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ වන විට අදාළ නිලධාරියා සේවයෙන් අත්හිටුවා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ජනතාව මෙම සිදුවීමට එරෙහිව දැඩි විරෝධතාවල නිරත වෙනවා. කොලොම්බියානු තානාපති කාර්යාලයද මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback