නේපාල සහ ටිබෙට් දේශසීමාවේ පසුගිය දිනවල සිදුවූ දරුණු ගංවතුර තත්ත්වයට හේතුව ග්ලැසියරයක් හෙවත් අයිස් කුට්ටියක් කඩා වැටීමක් බව විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබෙනවා. මුලින් බොහෝ දෙනා සිතුවේ භූමිකම්පාවක් නිසා නායයෑමක් සිදුවී මෙම විනාශය වූ බවයි. නමුත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ලැන්ග්ටැන්ග් ලිරුං කඳු මුදුන ආසන්නයේ තිබූ විශාල ග්ලැසියරයක් එකවර කඩා වැටීමෙන් මෙම මහා විනාශය සිදුව ඇති බවයි. මෙම කඩා වැටීම කොතරම් ප්‍රබලද කියනවා නම්, එය මැග්නිටියුඩ් 5.2ක භූ කම්පනයකට සමාන බලපෑමක් ඇති කර තිබෙනවා.
මෙම ග්ලැසියර කඩා වැටීමත් සමඟ විශාල අයිස් සහ ගල් කැබලි ප්‍රමාණයක් ගංගා ද්‍රෝණියට එකතු වී තිබෙනවා. මේ නිසා මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළ ගංගාවල ජල මට්ටම මීටර් 7ත් 9ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාලයේ අයිස් දියවීමේ වේගය දෙගුණ වී ඇති බවයි. ටෙක්ටොනික් තහඩු චලනයන් නිසා කඳු පද්ධතියේ උස වැඩිවීම සහ ගෝලීය උණුසුම ඉහළ යාම යන සාධක දෙකම එකතු වී මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් නිතර සිදුවීමට මග පාදන බව විශේෂඥයන් අනතුරු අඟවනවා. දැනටමත් මෙම සිදුවීමෙන් පුද්ගලයන් 177 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙය ඉදිරියේදී සිදුවිය හැකි තවත් විශාල පාරිසරික අභියෝගයක පෙරනිමිත්තක් බවයි ඔවුන් පවසන්නේ.

Discussion & Feedback