ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ සී.එන්.එන්, එම්.එස් නව් සහ පොලිටිකෝ වැනි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයට ඇතුළු වීමේ අවසරය සම්පූර්ණයෙන්ම අහිමි වීමේ බරපතල තර්ජනයක් මතුව තිබෙනවා. අධිකරණය විසින් ලබා දී ඇති තාවකාලික තහනම් නියෝගය අවසන් වූ සැණින්, ට්‍රම්ප් පාලනය විසින් මෙම මාධ්‍ය ආයතනවලට පනවා ඇති තහනම නැවත ක්‍රියාත්මක කරනු ඇති බවටයි එම ආයතනවල නීතිඥවරුන් ෆෙඩරල් අධිකරණයට කරුණු දක්වා තිබෙන්නේ. පසුගිය සතියේදී විනිසුරු තිමෝති කෙලී විසින් මෙම මාධ්‍ය ආයතනවලට නැවත ප්‍රවේශය ලබා දෙන ලෙස නියෝග කළත්, ධවල මන්දිරය තවමත් එම මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතුවලට විවිධ බාධාවන් එල්ල කරමින් සිටිනවා.
මෙම මාධ්‍ය ආයතන පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පාලනය විසින් ඔවුන්ට එරෙහිව ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහසට එල්ල කළ ප්‍රහාරයක් බවයි. තමන්ට වාසිදායක නොවන පුවත් වාර්තා කිරීම නිසා පළිගැනීමේ චේතනාවෙන් මෙම තහනම ක්‍රියාත්මක කරන බවත්, මෙය ප්රජාතන්ත්රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් අවධාරණය කරනවා. අධිකරණය විසින් මූලික නියෝගයක් ලබා නොදුනහොත්, ඉදිරියේදීත් ධවල මන්දිරයේ සිදුවන වැදගත් තොරතුරු වාර්තා කිරීමේ අවස්ථාව තමන්ට අහිමි වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මේ වන විටත් ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවන් සඳහා සී.එන්.එන් මාධ්‍යවේදීන්ට සහභාගී වීමට ඉඩ නොදීමෙන් පෙනී යන්නේ ධවල මන්දිරය තවමත් සිය පළිගැනීමේ ස්ථාවරයේම සිටින බවයි.

Discussion & Feedback