ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට අකමැති මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ධවල මන්දිරයට ඇතුළු වීම තහනම් කිරීමට ගත් තීරණය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව CNN, MS NOW සහ Politico යන ප්‍රධාන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට අද උදෑසන ධවල මන්දිර භූමියට ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. ඔවුන්ගේ මාධ්‍ය හැඳුනුම්පත් පවා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම හැඳුනුම්පත් ක්‍රියා විරහිත කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම මාධ්‍ය ආයතන තමන් ගැන නිරන්තරයෙන්ම අසත්‍ය ප්රවෘත්ති වාර්තා කරන බව පවසමින් ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබෙනවා.
තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් CNN සහ MS NOW මාධ්‍යවේදීන් පවසන්නේ, මෙය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් බවයි. ධවල මන්දිරය යනු ඇමරිකානු ජනතාවට අයත් ස්ථානයක් බවත්, බදු ගෙවන ජනතාවගේ මුදලින් පවත්වාගෙන යන ආයතනයක තොරතුරු වාර්තා කිරීමට තමන්ට අයිතියක් ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා. කෙසේ වෙතත්, මෙම තහනම නොතකා තමන්ගේ රාජකාරිය අඛණ්ඩව සිදු කරන බවත්, ඇමරිකානු ව්‍යවස්ථාවෙන් තමන්ට ලැබී ඇති අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා බවත් එම මාධ්‍ය ආයතන ප්‍රකාශ කර තිබෙනවා. ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

Discussion & Feedback