DC විශ්වයේ රසිකයන්ට තවත් සුපිරි සිනමා අත්දැකීමක් ළඟදීම ලැබෙන්න යනවා. මේ දිනවල DCU එකේ ‘Gods and Monsters’ ව්යාපෘතිය යටතේ බැට්මෑන් ගැන අලුත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඒ අතරේ තමයි බැට්මෑන්ගේ ඉතිහාසයේ ඉන්න අතිශය ජනප්රිය සතුරෙක් වන ‘ක්ලේෆේස්’ (Clayface) ගැන අලුත්ම චිත්රපටය එළිදැක්වීමට සූදානම් වෙන්නේ. මැට් හේගන්ගේ චරිතයට පණ පොවන්නේ ටොම් රයිස් හැරිස් විසින්. මේ චිත්රපටය ගැන තියෙන විශේෂම දේ තමයි මේක R-rated චිත්රපටයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
ජේම්ස් වොට්කින්ස්ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්රපටයේ අවසාන ට්රේලරයත් දැන් නිකුත් වෙලා තියෙනවා. ක්ලේෆේස්ගේ අද්භූත බලයන් සහ ඔහුගේ අඳුරු පැතිකඩ මේ චිත්රපටය හරහා ඉතාම තීව්ර ලෙස දැකගන්න පුළුවන් වේවි. බැට්මෑන්ගේ චරිතය තවමත් නිල වශයෙන් තෝරාගෙන නැති වුණත්, මේ වගේ සතුරු චරිතයක් තනි චිත්රපටයක් විදිහට ගෙන ඒම රසිකයන්ට ලොකු කුතුහලයක් ඇති කරනවා.
ඉතින් ඔක්තෝබර් 23 වෙනිදා ඉඳන් ඔයාලට මේ අලුත්ම DC සිනමා අත්දැකීම ලෝකය පුරාම තියෙන සිනමාහල්වලින් නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. බැට්මෑන් ලෝකයේ තවත් එක අඳුරු පරිච්ඡේදයක් විදිහට මේ චිත්රපටය ඉතිහාසයට එක් වේවි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලත් මේ චිත්රපටය ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම ට්රේලරය බලලා ඔයාලගේ අදහස් කියන්න.

Discussion & Feedback