ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකු පාර්ලිමේන්තු දීමනා අවභාවිත කර ඇති බවට සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද දින පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. නිදහස් අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් දර්ශන තන්ත්‍රි සහ ලේෂාන් විදානගමච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා මහජන සුබසාධනය සඳහා යොදවනවා වෙනුවට ඒවා ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවට මොවුන් චෝදනා කරනවා. මෙය 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අදාළ මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් පැමිණිලිකරුවන් ඉල්ලා සිටිනවා. මීට අමතරව පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කර බැලීම ඇතුළු කරුණු පහක් මුල් කරගනිමින් ඔවුන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. මහජන මුදල් සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය සහ විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පරීක්ෂණය අත්‍යවශ්‍ය බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පාර්ශ්වයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නැහැ.

Discussion & Feedback