ලොවක් බලා සිටි ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ වන විට සිනමා ලෝකයම උණුසුම් කරමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමට සමත්වෙලා තියෙනවා. නෝලන්ගේ පළමු ෆැන්ටසි වීර කාව්යය ලෙස එළිදැක්වුණු මෙම චිත්රපටය තිරගත වීම ආරම්භ කළ පළමු සති අන්තයේදීම ඇමරිකානු ඩොලර් මිලියන 264.1ක ආදායමක් උපයා ගනිමින් නෝලන්ගේ සිනමා ඉතිහාසයේ සාර්ථකම ආරම්භය සනිටුහන් කිරීමට සමත් වුණා. මේ වන විට Rotten Tomatoes වෙබ් අඩවියේ විචාරකයන්ගෙන් 95%ක සහ ප්රේක්ෂකයන්ගෙන් 97%ක ඉහළම ප්රතිචාරයක් ලබා ගැනීමට මෙම නිර්මාණය සමත්ව තිබීම විශේෂත්වයක්.
2026 වසරේ තිරගත වූ ‘සුපර් මාරියෝ ගැLක්සි’, ‘මයිකල්’ සහ ‘ටෝයි ස්ටෝරි 5’ වැනි දැවැන්ත චිත්රපට පවා අභිබවා යමින් ‘ද ඔඩිසි’ ඉදිරියට පැමිණ සිටිනවා. විශේෂඥයන් පවසන ආකාරයට, ‘ඔපන්හයිමර්’ චිත්රපටයේ සාර්ථකත්වය හා සැසඳීමේදී, ‘ද ඔඩිසි’ චිත්රපටයට ඉතා පහසුවෙන් ඩොලර් බිලියන 1.4කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බවයි. නෝලන්ගේ සුවිශේෂී අධ්යක්ෂණය, දෘශ්ය ප්රයෝග සහ කතා තේමාව නිසාම මෙම චිත්රපටය මේ වසරේ වැඩිම ආදායමක් ලැබූ චිත්රපටය බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ඔබත් තවමත් මේ අපූරු සිනමා අත්දැකීම ලබා ගත්තේ නැත්නම්, අනිවාර්යයෙන්ම ළඟම ඇති සිනමා ශාලාවට ගොස් එය නැරඹිය යුතුමයි.

Discussion & Feedback