ලෝක ප්රකට සිනමා අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ වන විට එක්සත් රාජධානියේ විශාලතම සිනමා ශාලාව වන BFI IMAX හි ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්රපටය බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ජේම්ස් කැමරන්ගේ ‘අවතාර්’ චිත්රපටය සතු ව තිබූ වාර්තාව බිඳ දමමින්, මෙම චිත්රපටය ප්රේක්ෂකයන් ලක්ෂයකට අධික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්. මේ වන විටත් එහි ප්රදර්ශන සඳහා 95%ක ඉහළ ප්රේක්ෂක සහභාගීත්වයක් වාර්තා වන අතර, ටිකට් පත් සති ගණනාවකට පෙර සිටම අලෙවි වී අවසන් වීමෙන් පෙනී යන්නේ නෝලන්ගේ සිනමා නිර්මාණ කෙරෙහි රසිකයන් තුළ ඇති දැඩි උනන්දුවයි.
සම්පූර්ණයෙන්ම IMAX කැමරා භාවිතයෙන් නිර්මාණය කළ පළමු චිත්රපටය ලෙස මෙය සුවිශේෂී වන අතර, BFI IMAX හි ඇති අඩි 26ක් පළල සහ අඩි 20ක් උස දැවැන්ත තිරය මත මෙය නැරඹීම සැබෑ සිනමා අත්දැකීමක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම දුර්ලභ IMAX 70mm තාක්ෂණයෙන් මෙය ප්රදර්ශනය කිරීම නිසා ලොව පුරා සිනමා ලෝලීන් මෙම අත්දැකීම ලබා ගැනීමට දැඩි උනන්දුවක් දක්වනවා. චිත්රපටය නිකුත් වීමට වසරකට පෙර සිටම ටිකට් පත් අලෙවි වීම ආරම්භ වූ අතර, පළමු දින 24 තුළ පමණක් ටිකට් පත් 28,000ක් අලෙවි කරමින් වාර්තාගත ආදායමක් උපයා ගැනීමටත් මෙම චිත්රපටයට හැකි වුණා. නෝලන්ගේ සිනමා දිවියේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ‘ද ඔඩිසි’ සිනමා ඉතිහාසයට එක්වී හමාරයි.

Discussion & Feedback