ලොව පුරා සිනමා රසිකයින්ගේ දැඩි අවධානය දිනාගත් ‘ද ඔඩිසි’ (The Odyssey) චිත්රපටයේ අධ්යක්ෂවරයා වන ක්රිස්ටෝපර් නෝලන්, මෑතකදී ජිමී ෆැලන්ගේ වැඩසටහනට එක්වෙමින් තමන්ගේ සිනමා අත්දැකීම් ගැන රසවත් කතාවක් බෙදාගෙන තිබෙනවා. මේ වන විටත් ඩොලර් මිලියන 600ක ආදායමක් ඉක්මවා ගොස් ඇති ඔහුගේ මෙම දැවැන්ත නිර්මාණය ගැන කතා කරන අතරතුර, ඔහු පවසන්නේ තමන්ට ආදර කතා සහ ප්රහසන (Rom-Com) චිත්රපටයක් අධ්යක්ෂණය කිරීම නම් ඉතාම අසීරු සහ බිය උපදවන කාර්යයක් බවයි. ප්රේක්ෂකයින්ව සිනහ ගැන්වීම ලෝකයේ තිබෙන අමාරුම වැඩවලින් එකක් බවත්, තමන් එවැනි නිර්මාණවලට අත තැබීමට බිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
නෝලන් පවසන විදිහට, සාමාන්ය චිත්රපටයකදී ප්රේක්ෂකයින් යම් දර්ශනයක් නොතේරුණොත් එය ඔවුන්ගේ වරදක් ලෙස සිතා සැනසෙන්න පුළුවන් වුණත්, ප්රහසන චිත්රපටයකදී එහෙම කරන්න බැහැ. ප්රේක්ෂකයින්ව සිනහ ගැන්වීමට නොහැකි වුවහොත් එය සම්පූර්ණයෙන්ම අධ්යක්ෂවරයාගේ අසාර්ථකත්වයක් ලෙසයි ඔහු දකින්නේ. ඒ නිසාම එවැනි අවදානමක් ගැනීමට තමන් තුළ ඇත්තේ ලොකු බියක් බව ඔහු පවසනවා. මැට් ඩේමන්, ඇන් හැතවේ සහ ටොම් හොලන්ඩ් වැනි දැවැන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන ‘ද ඔඩිසි’ චිත්රපටය මේ වන විටත් ලොව පුරා සිනමාහල්වල සාර්ථකව තිරගත වෙමින් පවතිනවා.

Discussion & Feedback