ලොව පුරා සිනමා ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සාර්ථකව තිරගත වෙනවා. මැට් ඩේමන්, ඈන් හැත්වේ සහ ටොම් හොලන්ඩ් වැනි දැවැන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්රපටය, නෝලන්ගේ වෘත්තීය ජීවිතයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වෙලා. සම්පූර්ණයෙන්ම IMAX 70mm තාක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්රපටය, 2012 වසරේ ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ චිත්රපටයෙන් පසු ඔහුගේ ඉහළම ආදායම් වාර්තාව තැබීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, නෝලන්ගේ මීළඟ සිනමා නිර්මාණය දැක බලා ගැනීමට රසිකයන්ට අවම වශයෙන් තවත් වසර තුනක්වත් බලා සිටීමට සිදුවන බව ඔහුම ප්රකාශ කර තිබෙනවා. ‘ද ඔඩිසි’ නිර්මාණය කිරීමේදී තමන්ගේ සහ මුළු කණ්ඩායමේම ශක්තිය උපරිමයෙන්ම වැය වූ බවත්, එය ඉතා අභියෝගාත්මක කාර්යයක් වූ බවත් ඔහු පවසනවා. සාමාන්යයෙන් නෝලන් වසර තුනකට වරක් චිත්රපටයක් එළිදැක්වුවත්, මෙවර ඔහු පවසන්නේ එම කාලය අවම කාලසීමාව පමණක් බවයි.
මෙම චිත්රපටය නිර්මාණය කිරීමේදී තමන්ගේ සීමාවන් ඉක්මවා වැඩ කිරීමට සිදු වූ බවත්, ‘ද ඔඩිසි’ වැනි වීර කාව්යයක් නිර්මාණය කිරීමේදී එවැනි වෙහෙසක් දැරීම සාධාරණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, නෝලන්ගේ මීළඟ නිර්මාණය කුමක් වේවිද යන්න පිළිබඳව ලොව පුරා සිනමා රසිකයන් මේ වන විටත් දැඩි කුතුහලයකින් පසුවනවා.

Discussion & Feedback