ලෝක ප්‍රසිද්ධ සිනමා අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නේ අයිමැක්ස් (IMAX) තාක්ෂණයට ගොඩක් ආදරය කරන කෙනෙක්නේ. ඉතින් ඔහු මෑතකදී හෙළි කළා රයන් කූග්ලර් තමන්ගේ අලුත්ම චිත්‍රපටයක් වන ‘සිනර්ස්’ (Sinners) අයිමැක්ස් කැමරා භාවිතයෙන් රූගත කරන්න තීරණය කරද්දී, ඒක පිස්සුවක් නෙවෙයි කියලා ඔහුට සහතික වුණා කියලා. රයන් මේ තීරණය ගන්න කලින් නෝලන්ට කතා කරලා තියෙන්නේ, ඇත්තටම ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වගේ අභියෝගාත්මක තීරණයක් ගන්න කෙනෙක්ගෙන් දිරිගැන්වීමක් ලබාගන්න. නෝලන් කියන විදිහට ඔහුටත් ඕන වෙලා තියෙන්නේ මේ වගේ අලුත් තාක්ෂණයන් පාවිච්චි කරලා නිර්මාණ බිහිවෙනවා දකින්නයි.
නෝලන්ගේ අලුත්ම නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අයිමැක්ස් කැමරා භාවිතයෙන් රූගත කළ පළමු චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා. මේ ගැන අදහස් දක්වපු නෝලන් කිව්වේ, තමන්ගේ චිත්‍රපටය මේ විදිහට අවසන් කරන්න ලැබීම ලොකු තෘප්තියක් වගේම, ඉදිරියේදී තවත් අධ්යක්ෂවරුන් මේ තාක්ෂණය පාවිච්චි කරලා චිත්‍රපට හදනවා දකින්න තමන් ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලයි. මැට් ඩේමන් ඇතුළු දැවැන්ත නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වන ‘ද ඔඩිසි’ ජූලි 17 වෙනිදා තිරගත වීමට නියමිතයි. සිනමා ලෝලීන් මේ නිර්මාණය ගැන ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback