ලොව පුරා සිටින ක්රියාදාම චිත්රපට රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත් ‘Extraction’ චිත්රපට මාලාවේ තුන්වන කොටස වන ‘Extraction 3’ හි රූගත කිරීම් මේ වන විට නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. ප්රධාන නළු ක්රිස් හෙම්ස්වර්ත් තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මේ බව තහවුරු කරමින්, අධ්යක්ෂ සැම් හාර්ග්රේව් සහ නළු ඉඩ්රිස් එල්බා සමඟ සිටින ඡායාරූපයක් පළ කර තිබුණා. ටයිලර් රේක් ලෙස ක්රිස් හෙම්ස්වර්ත් නැවතත් අපව මවිතයට පත් කිරීමට සූදානම් වන අතර, ඔහු සමඟ ගොල්ෂිෆ්තේ ෆරහානි සහ ඉඩ්රිස් එල්බා ද තම චරිත නිරූපණය කිරීමට එක්ව සිටිනවා.
මෙම චිත්රපටය දෙවන කොටසේ අවසානයෙන් පසුව සිදුවන සිදුවීම් මාලාවක් ඔස්සේ ගලා යන බවයි වාර්තා වෙන්නේ. ටයිලර් සහ ඔහුගේ කණ්ඩායම අභිරහස් සේවා යෝජකයෙකු වෙනුවෙන් භයානක මෙහෙයුම්වල නිරත වීමට සිදුවන අයුරු මෙහිදී බලාගන්න පුළුවන්. තවද, Extraction ලෝකය තවත් පුළුල් කරමින් දකුණු කොරියාව කේන්ද්ර කරගත් ‘TYGO’ නමින් අලුත්ම ස්පින්-ඕෆ් චිත්රපටයක් ද නිෂ්පාදනය වෙමින් පවතිනවා. එහි ප්රධාන චරිත සඳහා ඩොන් ලී සහ ලීසා මනෝබල් වැනි ජනප්රිය තරු එක්ව සිටීම විශේෂත්වයක්.
Extraction 3 චිත්රපටය 2027 වසරේදී නෙට්ෆ්ලික්ස් හරහා ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. තවමත් නිශ්චිත දිනයක් ප්රකාශ කර නොතිබුණත්, ක්රියාදාම චිත්රපට ලෝලීන් මෙම නිර්මාණය වෙනුවෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බව නම් පැහැදිලියි. ඉදිරියේදී මේ පිළිබඳ තවත් තොරතුරු නෙට්ෆ්ලික්ස් හරහා දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback