ප්රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන ක්රිස් හැන්සන්, තමන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු ‘ප්රයිම් ටයිම්’ (Primetime) චිත්රපටය නැරඹීමෙන් පසුව ඒ ගැන තමන්ගේ නොසතුට ප්රසිද්ධියේම ප්රකාශ කරලා තියෙනවා. රොබට් පැටින්සන් විසින් හැන්සන්ගේ චරිතයට පණ පොවන මේ චිත්රපටය, හැන්සන්ගේ අත්දැකීම්වලට වඩා බොහෝ සෙයින් වෙනස් සහ යථාර්ථයෙන් බැහැර වූවක් බවයි ඔහු පවසන්නේ. තමන්ගේ ජීවිතය සහ වෘත්තීය අත්දැකීම් මෙතරම් අමුතු විදියට චිත්රපටයකින් නිරූපණය කිරීම ඔහුට කිසිසේත්ම අල්ලලා ගිහින් නැහැ.
මේ චිත්රපටය ගැන හැන්සන් මුල ඉඳලම හිටියේ යම්කිසි නොසතුටකින්. චිත්රපටය බලන්න කලින් ඔහුට රහස්යභාවය සුරැකීමේ ගිවිසුමකට (NDA) අත්සන් කරන්න සිද්ධ වුණා, නමුත් ඔහු එය ප්රතික්ෂේප කරලා තිබුණා. චිත්රපටයේ අධ්යක්ෂකවරුන් සහ රොබට් පැටින්සන් මෙය හැන්සන්ට කරන ගෞරවයක් විදියට දැක්වුවත්, හැන්සන් නම් කියන්නේ මේ නිර්මාණයෙන් කිසිම අර්ථයක් තේරුම් ගන්න බැරි බවයි. තමන්ගේ සැබෑ විමර්ශන කටයුතු සහ මේ චිත්රපටයේ තියෙන දේවල් අතර කිසිම සමානකමක් නැති බව ඔහු අවධාරණය කරනවා.
දැනටමත් සිනමාහල්වල ප්රදර්ශනය කෙරෙන මේ චිත්රපටය ගැන හැන්සන් තමන්ගේ පෞද්ගලික යූටියුබ් නාලිකාව හරහාත් දීර්ඝ විවේචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොම වුණත්, මේ චිත්රපටය නිසා තමන්ගේ නම නැවතත් කරළියට ඒම ගැන ඔහු යම්කිසි උනන්දුවකින් ඉන්න බවත් පේන්න තියෙනවා. කෙසේ වෙතත්, තමන්ගේ සැබෑ ජීවිත කතාව මෙලෙස විකෘති වීම ගැන ඔහු තවමත් ඉන්නේ දැඩි කලකිරීමකින්.

Discussion & Feedback