ජනප්රිය ‘To Catch a Predator’ වැඩසටහනේ හිටපු නිවේදක ක්රිස් හැන්සන්, A24 ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ‘Primetime’ චිත්රපටයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව වාර්තා වෙනවා. මෙම චිත්රපටයේ රොබට් පැටින්සන් විසින් ක්රිස් හැන්සන්ගේ චරිතය නිරූපණය කරන අතර, තමාගේ අවසරයකින් තොරව තම නම සහ පවුලේ අයගේ නම් යොදා ගනිමින් මෙවැනි ප්රබන්ධ කතාවක් නිර්මාණය කිරීම ඉතාම අසාධාරණ සහ සූරාකෑමක් බවයි ඔහු පවසන්නේ. තමන් තවමත් මෙම චිත්රපටය නරඹා නොමැති වුවත්, එය තමන්ගේ ප්රතිරූපයට හානි කරන බව ඔහු විශ්වාස කරනවා.
මෙම චිත්රපටය නැරඹීම සඳහා නිෂ්පාදක කණ්ඩායම ඔහුට ආරාධනා කළත්, ඒ සඳහා අත්සන් කිරීමට ලබාදුන් නීතිමය ගිවිසුම (NDA) ඉතා දැඩි එකක් බව හැන්සන් පවසනවා. තම නම, ප්රතිරූපය සහ නීතිමය අයිතිවාසිකම් පවා අත්හැරීමට සිදුවන කොන්දේසි එහි තිබූ නිසා ඔහු එය ප්රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත්, නීති විශේෂඥයන් පවසන්නේ ඔහුට නඩුවක් ගොනු කිරීමට තරම් ප්රමාණවත් කරුණු තිබිය හැකි බවයි. නමුත් අනවශ්ය ප්රචාරයක් ලබා දීමට ඔහු මැලි වන අතර, චිත්රපටය සැප්තැම්බර් 25 වනදා තිරගත වීමට නියමිතව තිබියදී මෙම ගැටුම තවත් උණුසුම් වී තිබෙනවා.

Discussion & Feedback