ලෝකයේ ප්රමුඛතම චිප් නිෂ්පාදකයා වන තායිවානයේ TSMC සමාගම ඇමරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ සිය නිෂ්පාදන කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර ඩොලර් බිලියන 100ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මේ සමඟ ඇමරිකාව තුළ එම සමාගමේ සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 265ක් දක්වා ඉහළ යන අතර, ඒ හරහා ඇරිසෝනා ප්රාන්තයේ අලුතින් කර්මාන්තශාලා හතරක් ඉදිකිරීමට නියමිතයි. මෙම පියවර හරහා ඇමරිකානුවන් දස දහස් ගණනකට රැකියා අවස්ථා උදාවන බවත්, ඇමරිකාවේ තාක්ෂණික නිෂ්පාදන ක්ෂේත්රය ශක්තිමත් වන බවත් එරට වාණිජ දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, කෘත්රිම බුද්ධිය (AI) සහ ස්මාර්ට් උපාංග සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් TSMC සමාගමේ දෙවන කාර්තුවේ ලාභය සියයට 77කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 22ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ‘ඇමරිකාව පළමුව’ යන ප්රතිපත්තිය යටතේ දියුණු චිප් නිෂ්පාදනය නැවත ඇමරිකාවට ගෙන ඒමට දරන උත්සාහයට මෙම ආයෝජනය විශාල පිටුවහලක් වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මෙම නව කර්මාන්තශාලා ඉදිකිරීමේ නිශ්චිත කාලසටහනක් සමාගම විසින් තවමත් ප්රකාශ කර නැති අතර, එය වෙළඳපොළ තත්ත්වයන් මත තීරණය වන බව සමාගමේ ප්රධාන විධායක නිලධාරී සී.සී. වේ මහතා සඳහන් කරනවා.

Discussion & Feedback