චීනයේ සයියොන් පල්ලියේ නිර්මාතෘවරයා වන ජින් මිංග්රි, එහෙමත් නැත්නම් එස්රා ජින් මහතා සිරගත කර සිටියදී මේ වන විට නිදහස ලබා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ළඟා වී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී චීනය පුරා සිදුකළ දැඩි වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පල්ලියේ නායකයන් අතර ඔහුත් සිටියා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ජින් මිංග්රිව නිදහස් කරන ලෙස කෙලින්ම ඉල්ලා සිටීම මෙම නිදහස් වීමට ප්රධාන හේතුවක් වූ බවයි වාර්තා වෙන්නේ. මේ ගැන ජින්ගේ පවුලේ අය පවසන්නේ මෙය සැබෑ ප්රාතිහාර්යයක් බවත්, ට්රම්ප් පරිපාලනයට සහ චීන ජනාධිපතිවරයාට ඔවුන් ස්තූතිවන්ත වන බවත්ය.
ජින් මිංග්රි 2007 වසරේදී කුඩා පිරිසක් සමඟ ආරම්භ කළ සයියොන් පල්ලිය පසුව චීනයේ විශාලතම ලියාපදිංචි නොවූ පල්ලි ජාලයක් බවට පත් වුණා. කෙසේ වෙතත්, රජයේ නීතිරීතිවලට අනුගත නොවූ නිසා 2018 වසරේදී මෙම පල්ලිය තහනම් කිරීමට චීන පාලනය පියවර ගත්තා. මේ වන විට ජින් නිදහස් වුවත්, ඔහුගේ පල්ලියට සම්බන්ධ තවත් බොහෝ දෙනෙක් තවමත් චීනයේ සිරගතව සිටින බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ. චීනයේ ආගමික නිදහස සම්බන්ධයෙන් මෙය සුබ ආරංචියක් වුවත්, තවමත් එරට ආගමික කටයුතු සම්බන්ධයෙන් පවතින්නේ දැඩි පාලනයක්. ජින්ගේ මෙම නිදහස් වීම දෙරට අතර පවතින සබඳතාවල නව හැරවුම් ලක්ෂ්යයක් වේවිද යන්න ලෝකයම බලා සිටිනවා.

Discussion & Feedback