චීනය විසින් අද උදෑසන අභ්යවකාශ ගත කළ ‘ලෝන්ග් මාර්ච් 7A’ (Long March 7A) රොකට් යානය ගුවන්ගත වී තත්පර 85ක් වැනි කෙටි කාලයකදී අහසේදී පුපුරා ගොස් විනාශ වුණා. හයිනාන් පළාතේ වෙන්චැන්ග් අභ්යවකාශ මධ්යස්ථානයෙන් මෙම යානය අභ්යවකාශයට යැවූ අතර, එය ගුවන්ගත වී සුළු මොහොතකින් දැවැන්ත ගිනි බෝලයක් බවට පත් වෙමින් සුන්බුන් බවට පත් වුණා. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී රොකට්ටුව පෘථිවි වායුගෝලය හරහා ගමන් කරමින් තිබූ අතර, එහි සිටි නරඹන්නන් දැඩි කම්පනයට පත් වූ බව සමාජ මාධ්යවල පළ වූ වීඩියෝ දර්ශනවලින් දැකගන්න පුළුවන්.
මෙම රොකට්ටුව මගින් චීනයේ ‘ෂොන්ග්ෂින්-4B’ (Zhongxing-4B) නමැති සන්නිවේදන චන්ද්රිකාව රැගෙන යාමට නියමිතව තිබුණා. චීන අභ්යවකාශ ආයතනය මේ සම්බන්ධයෙන් තවමත් නිල ප්රකාශයක් නිකුත් කර නැහැ. 2020 වසරේදී මෙම රොකට් මාදිලිය මුල් වරට අත්හදා බැලූ අවස්ථාවේදීත් මෙවැනිම පිපිරීමක් සිදු වූ අතර, එවර එයට හේතු වූයේ එන්ජිමේ දෝෂයක් බව හඳුනා ගත්තා. මේ වන විට මෙම අනතුර නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත අභ්යවකාශ මෙහෙයුම් කිහිපයක්ම ප්රමාද වීමට ඉඩ ඇති බවයි විද්යාඥයන් පවසන්නේ. කෙසේ වෙතත්, මෙම අසාර්ථක වීම පිටුපස ඇති සැබෑ හේතුව සොයා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback