චීන ජනාධිපති ෂී ජින්පින් මහතා මේ සතියේ ඇමරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. බදාදා සිට සිකුරාදා දක්වා පැවැත්වෙන මෙම සංචාරය, 2015 වසරෙන් පසු එතුමා ඇමරිකාවේ සිදුකරන පළමු රාජ්‍ය සංචාරය වීම විශේෂත්වයක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයෙන් සිදු කෙරෙන මෙම සංචාරයේදී, දෙරට අතර පවතින වෙළඳ, තාක්ෂණික සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලු විසඳා ගැනීමටත්, ලෝක සාමය වෙනුවෙන් සාකච්ඡා කිරීමටත් දෙදෙනාම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් පවතින මතභේද මෙහිදී ප්‍රධාන සාකච්ඡා මාතෘකාවක් වනු ඇතැයි වාර්තා වෙනවා.
මෙම සංචාරය ඉතා වැදගත් එකක් ලෙස සලකන ඇමරිකානු ජනාධිපතිවරයා, ෂී ජින්පින් මහතාව පිළිගැනීමට පෞද්ගලිකවම ගුවන් තොටුපළට යාමට නියමිතයි. ධවල මන්දිරයේ පැවැත්වෙන රාජ්‍ය භෝජන සංග්‍රහය සඳහා ටෙස්ලා සමාගමේ එලොන් මස්ක්, ඇපල් සමාගමේ ටිම් කුක් සහ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙෙසෝස් වැනි ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පවතින ආර්ථික සහ තාක්ෂණික ගැටලු සමථයකට පත් කර ගනිමින්, ඉදිරියේදී වඩාත් ශක්තිමත් සහ ස්ථාවර සබඳතාවක් ගොඩනඟා ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. චීනය සහ ඇමරිකාව අතර පවතින මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව ලෝක දේශපාලනයේ ඉදිරි ගමන් මග තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback