චීනයේ ප්රමුඛ පෙළේ පෞද්ගලික අභ්යවකාශ සමාගමක් වන ලෑන්ඩ්ස්පේස් (Landspace) ආයතනය, තමන්ගේ ‘ෂුකේ-3’ (Zhuque-3) රොකට්ටුව අභ්යවකාශගත කර එය නැවත පෘථිවියට ගොඩබෑමේ දෙවන උත්සාහය සඳහා මේ වන විට සියල්ල සූදානම් කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු කළ පළමු උත්සාහය අසාර්ථක වෙමින් රොකට්ටුව ගිනිගෙන විනාශ වුවත්, මෙවර ඔවුන් ඉතා ඉහළ බලාපොරොත්තුවකින් පසුවනවා. මෙම රොකට්ටුව අඩි 216ක් උසැති මල නොබැඳෙන වානේවලින් නිර්මාණය කර ඇති අතර, එය ස්පේස්-එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවට සමාන හැකියාවන්ගෙන් යුක්තයි.
මෙම ඓතිහාසික මෙහෙයුම අගෝස්තු 10 වන දින චීනයේ ජියුකුආන් අභ්යවකාශ මධ්යස්ථානයෙන් දියත් කිරීමට නියමිතයි. පසුගිය ජූනි 29 වන දින සිදු කළ සාර්ථක පරීක්ෂණ මගින් රොකට්ටුවේ සියලුම පද්ධති නිසි ලෙස ක්රියාත්මක වන බව තහවුරු කරගෙන තිබෙනවා. චීනය මීට පෙර ජූලි මාසයේදී සාර්ථකව රොකට්ටුවක් ගොඩබෑමට සමත් වූ නිසා, ලෑන්ඩ්ස්පේස් සමාගම මෙවර ෆැල්කන් 9 රොකට්ටුවලට සමාන තාක්ෂණයක් භාවිත කරමින් ගොඩබෑමේ කකුල් ආධාරයෙන් රොකට්ටුව ආරක්ෂිතව පොළොවට ගොඩබෑමට උත්සාහ කරනවා. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය චීනයේ අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී ජයග්රහණයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback