චීනය විසින් ලොව බලවත්ම ඝන ඉන්ධන රොකට්ටුව වන ‘ග්රැවිටි-1’ (Gravity-1) සාර්ථකව අභ්යවකාශගත කර තිබෙනවා. පසුගියදා ෂැංහයි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ස්ථාපිත කර තිබූ විශේෂ වේදිකාවකින් මෙම රොකට්ටුව අභ්යවකාශයට දියත් කළ අතර, එය චන්ද්රිකා නවයක් නියමිත කක්ෂ වෙත සාර්ථකව රැගෙන යාමට සමත් වුණා. ඔරියන්ස්පේස් (Orienspace) සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම රොකට්ටුව මීටර් 30ක් පමණ උසකින් යුක්ත වන අතර, කිලෝග්රෑම් 6,500ක බරක් පෘථිවි පහළ කක්ෂයට රැගෙන යාමේ හැකියාව එයට තියෙනවා.
මෙම මෙහෙයුම ග්රැවිටි-1 රොකට්ටුවක් අභ්යවකාශගත කළ තුන්වන අවස්ථාවයි. මීට පෙර සිදුකළ සියලුම මෙහෙයුම් මුහුදේ සිට දියත් කිරීම විශේෂත්වයක්. මෙම රොකට්ටුව ඝන ඉන්ධන භාවිතයෙන් ක්රියාත්මක වන අතර, අනාගතයේදී දියත් කිරීමට නියමිත විශාල රොකට් සඳහා මෙය පෙරහුරුවක් බවයි චීන විද්යාඥයන් පවසන්නේ. ඉදිරි මාස කිහිපය තුළ තවත් අන්තර්ජාල චන්ද්රිකා සමූහයක් අභ්යවකාශගත කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
ඔරියන්ස්පේස් සමාගම මේ වන විට ග්රැවිටි-2 සහ ග්රැවිටි-3 නමින් වඩාත් බලවත් රොකට් වර්ග කිහිපයක් නිර්මාණය කරමින් සිටිනවා. මේවා ද්රව ඉන්ධන සහ ඝන ඉන්ධන යන දෙවර්ගයම භාවිතයෙන් ක්රියාත්මක වීමට නියමිතයි. විශේෂයෙන්ම මුහුදේ සිට රොකට් දියත් කිරීමේ තාක්ෂණය දියුණු කිරීම මගින් අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් කිරීමට චීනය උත්සාහ දරනවා. ඉදිරියේදී තෙල් කැණීම් වේදිකා වැනි ස්ථානවලින් පවා රොකට් දියත් කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන් පර්යේෂණ පවත්වමින් ඉන්නවා.

Discussion & Feedback