ලෝකයේ බලවත්ම ඝන ඉන්ධන රොකට්ටුව වන ‘ග්රැවිටි-1’ (Gravity-1) රොකට්ටුව තමන්ගේ තුන්වන සාර්ථක මෙහෙයුම පසුගියදා දියත් කළා. චීනයේ ෂැංහයි වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තිබුණු විශේෂ යාත්රාවකින් තමයි මේ රොකට්ටුව අභ්යවකාශයට ගමන් කළේ. මේ මෙහෙයුම හරහා චන්ද්රිකා නවයක් සාර්ථකව අභ්යවකාශයේ නියමිත කක්ෂවලට යවන්න ඔවුන්ට පුළුවන් වුණා. අඩි 100ක් විතර උස මේ රොකට්ටුව නිර්මාණය කරලා තියෙන්නේ ‘ඔරියන්ස්පේස්’ (Orienspace) කියන චීන සමාගම විසින්. මේක ලෝකයේ තියෙන බලවත්ම ඝන ඉන්ධන රොකට්ටුව විදිහට තමයි සැලකෙන්නේ.
මේ රොකට්ටුව මුහුදේ සිට දියත් කිරීමේ විශේෂත්වය තමයි, අනාගතයේදී දියර ඉන්ධන රොකට්ටු පවා මුහුදේ සිට දියත් කිරීමට මේක පාර කපන එක. දැනටමත් මේ සමාගම ග්රැවිටි-2 සහ ග්රැවිටි-3 නමින් තවත් බලවත් රොකට්ටු නිර්මාණය කරමින් ඉන්නවා. ග්රැවිටි-1 රොකට්ටුව මීට කලින් 2024 ජනවාරි සහ 2025 ඔක්තෝබර් මාසවලදීත් සාර්ථකව අභ්යවකාශ ගත වුණා. ඉදිරි මාස කිහිපය ඇතුළත තවත් අන්තර්ජාල චන්ද්රිකා කිහිපයක් දියත් කරන්නත් ඔවුන් සැලසුම් කරලා තියෙනවා. අභ්යවකාශ තාක්ෂණය අතින් චීනය තබන මේ පියවර ඇත්තටම ඉතාමත් වැදගත් එකක්.

Discussion & Feedback