චීනයේ බීජිං නුවර පදනම් කරගත් ‘ගැලැක්ටික් එනර්ජි’ (Galactic Energy) සමාගම විසින් අලුතින්ම නිපදවූ ‘පැලස්-1’ (Pallas-1) රොකට්ටුව සාර්ථකව අභ්යවකාශගත කර තිබෙනවා. පසුගිය සඳුදා චීනයේ ජියුක්වාන් චන්ද්රිකා දියත් කිරීමේ මධ්යස්ථානයෙන් මෙම රොකට්ටුව අභ්යවකාශයට යැවුණු අතර, එය නියමිත පරිදි පෘථිවි කක්ෂයට ඇතුළු වීමට සමත් වුණා. මෙය එම සමාගමේ අභ්යවකාශ ගමන් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන වැදගත් අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
මෙම රොකට්ටුව අඩි 171ක් උසින් යුක්ත වන අතර, එයට කිලෝග්රෑම් 7,000ක බරක් පහත් පෘථිවි කක්ෂයකට රැගෙන යාමේ හැකියාව තියෙනවා. විශේෂත්වය වන්නේ මෙය ස්පේස්-එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුව මෙන් නැවත නැවතත් භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර තිබීමයි. එකම රොකට්ටුවක් අවම වශයෙන් 25 වතාවක් වුවත් අභ්යවකාශයට යැවීමට හැකි වන පරිදි මෙහි තාක්ෂණය සකසා තියෙනවා. කෙසේ වෙතත්, මෙම මංගල ගමනේදී රොකට්ටුව නැවත ගොඩබෑමේ අත්හදා බැලීමක් සිදු කළේ නැහැ.
ගැලැක්ටික් එනර්ජි සමාගම පවසන පරිදි, 2027 වසරේ දෙවන භාගයේදී මෙම රොකට්ටුව නැවත පෘථිවියට ගොඩබෑමේ පරීක්ෂණ සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. දැනටමත් චීනයේ තවත් පෞද්ගලික සහ රාජ්ය සමාගම් කිහිපයක්ම මෙවැනි නැවත භාවිතා කළ හැකි රොකට් තාක්ෂණය අත්හදා බලමින් සිටිනවා. අනාගතයේදී චන්ද්රිකා දියත් කිරීමේ වෙළඳපොළ තුළ අඩු වියදමකින් වැඩි මෙහෙයුම් ප්රමාණයක් සිදු කිරීමට මෙම නව නිපැයුම විශාල පිටුවහලක් වේවි.

Discussion & Feedback