චීනයේ බීජිං නුවර පදනම් කරගත් ‘ගැලැක්ටික් එනර්ජි’ (Galactic Energy) පෞද්ගලික සමාගම විසින් අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ තවත් සුවිශේෂී පියවරක් තබමින් සිය ‘පැලස්-1’ (Pallas-1) නැමැති රොකට්ටුව සාර්ථකව අභ්යවකාශගත කර තිබෙනවා. පසුගිය සඳුදා චීනයේ ජියුක්වාන් චන්ද්රිකා දියත් කිරීමේ මධ්යස්ථානයෙන් මෙම රොකට්ටුව අභ්යවකාශයට යැවුණු අතර, එය නියමිත කක්ෂයට සාර්ථකව පිවිසි බව සමාගම නිල වශයෙන් තහවුරු කළා. මීටර් 52ක් උසැති මෙම ද්වි-අදියර රොකට්ටුවට කිලෝග්රෑම් 7,000ක පමණ බරක් පෘථිවි පහළ කක්ෂයට රැගෙන යාමේ හැකියාව තියෙනවා.
මෙම රොකට්ටුවේ ඇති විශේෂත්වය වන්නේ එය නැවත භාවිත කළ හැකි අයුරින් නිර්මාණය කර තිබීමයි. ඇමරිකාවේ ස්පේස්-එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන්-9 රොකට්ටුව මෙන්ම, පැලස්-1 රොකට්ටුවේ පළමු අදියර ද අවම වශයෙන් 25 වතාවක් නැවත භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා විශේෂිත ග්රිඩ් ෆින්ස් සහ ගොඩබෑමේ කකුල් භාවිතා කරනවා. කෙසේ වෙතත්, මෙම මංගල ගුවන් ගමනේදී රොකට්ටුව නැවත ගොඩබෑමක් සිදු කළේ නැහැ. සමාගම පවසන පරිදි 2027 වසරේ දෙවන භාගයේදී මෙවැනි ගොඩබෑමේ අත්හදා බැලීමක් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
චීනයේ රාජ්ය මෙන්ම පෞද්ගලික අංශයේ සමාගම් රැසක් මේ වන විට නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය දියුණු කිරීමට විශාල උනන්දුවක් දක්වනවා. දැනටමත් චීනයේ ලෝන්ග් මාර්ච් 10බී සහ ලෑන්ඩ්ස්පේස් සමාගමේ ෂුකේ-3 රොකට් සාර්ථකව ගොඩබෑමට සමත් වී තිබෙනවා. ගැලැක්ටික් එනර්ජි සමාගම පවසන්නේ මෙම නව රොකට්ටුව ඉදිරියේදී චන්ද්රිකා දියත් කිරීමේ වෙළඳපොළ තුළ ඔවුන්ගේ ප්රධානතම මෙවලම බවට පත්වන බවයි.

Discussion & Feedback