චීන ඇනිමේෂන් කලාවේ දැවැන්තම සන්නාමයක් වන ‘සිසර් සෙවන්’ (Scissor Seven) රසිකයන් වෙනුවෙන් අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. පසුගිය දශකය තුළ ලෝකයේම අවධානය දිනාගත්ත මේ අපූරු ඇනිමෙ කතාමාලාව, දැන් තමන්ගේ විශාලතම ව්යාපෘතිය විදියට චිත්රපටයක් සහ අලුත්ම ස්පින්-ඕෆ් (spin-off) කතාමාලාවක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. මේ ගැන අදහස් දක්වපු AHAVERSE ආයතනය කියන්නේ, මේ චිත්රපටය කලින් කතාමාලාව නොබලපු අයට වුණත් කිසිම ගැටලුවක් නැතුව රසවිඳින්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා.
මේ චිත්රපටය හරහා සෙවන්ගේ අතීතය සහ ක්සුවාන්වු (Xuanwu) දේශයේ රහස් ගැන වැඩිපුර දැනගන්න රසිකයන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, ‘හේබායි’ (HEIBAI) නමින් අලුත්ම ඇනිමෙ කතාමාලාවක් එන්න නියමිතයි. මේක සිසර් සෙවන් කතාවට වසර 25කට කලින් සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගෙන නිර්මාණය වෙන්නක්. මො ලෑන්ග් සහ බායි ක්වි කියන චරිත දෙක වටා ගෙතෙන මේ කතාව, ඇනිමෙ ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් වේවි. 2028 වසරේදී එළිදැක්වීමට නියමිත මේ නිර්මාණ හරහා සිසර් සෙවන් විශ්වය තවත් පුළුල් වෙමින්, ක්රීඩා සහ ප්රකාශන ක්ෂේත්රය දක්වාම ව්යාප්ත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ චිත්රපටය සහ කතාමාලාව තුළත් කලින් තිබුණ හාස්යය, ක්රියාදාම සහ සංවේදී කතා තේමාවන් ඒ විදියටම තියෙනවා. ඒ නිසා පරණ රසිකයන්ට වගේම අලුත් රසිකයන්ටත් මේ ගමන හරිම ආකර්ෂණීය වේවි. සිසර් සෙවන් ලෝකයේ අලුත්ම වික්රමාන්විතයන් දකින්න අපි හැමෝම දැන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

Discussion & Feedback