මේ දවස්වල චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයකදී ගොඩක් දෙනෙක්ව පුදුමයට පත් කරපු අමුතුම නිර්මාණයක් දකින්න ලැබුණා. ඒ තමයි ‘ගෝල්ඩන් ඇරෝවානා’ මාලුවෙක්ගේ හැඩයට හදපු ‘BG-5 ගෝල්ඩන් ඩ්‍රැගන් ෆිෂ්’ කියන රොබෝ මාලුවා. ඇත්තම මාලුවෙක් වගේම ඉතාම ලස්සනට වතුරේ පිහිනන්න පුළුවන් මේ රොබෝ මාලුවා හදලා තියෙන්නේ බොයාගොන්ග්ඩාඕ මැරීන් ටෙක්නොලොජි කියන ආයතනය මගින්. මේකේ විශේෂත්වය තමයි කිසිම පූර්ව වැඩසටහන්ගත කිරීමක් නැතුව, තමන්ගේ සංවේදක පාවිච්චි කරලා බාධක මගහැරගෙන ස්වාධීනව ගමන් කරන්න මේ රොබෝ මාලුවාට පුළුවන් වීම.
කිලෝග්‍රෑම් 3ක් විතර බර මේ රොබෝ මාලුවාගේ වලිගය කොටස් හතකින් සමන්විත වෙනවා. සාමාන්‍ය රොබෝ යානා වගේ ප්‍රචාලක (propellers) පාවිච්චි කරන්නේ නැතුව, ඇත්තම මාලුවෙක් වගේ වලිගය එහා මෙහා කරමින් තමයි මේක වතුරේ ගමන් කරන්නේ. මේකේ තියෙන තවත් දියුණු මාදිලියක් වන BG-5V මගින් කිහිප දෙනෙක් එකතු වෙලා කණ්ඩායමක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. මේ වගේ තාක්ෂණයක් දිය යට ඔත්තු බැලීම් සහ ආරක්ෂක කටයුතු සඳහා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. විශේෂයෙන්ම නොගැඹුරු වතුරේදී මේ වගේ කුඩා රොබෝ මාලුවෙක්ට හරිම ලේසියෙන් සැඟවිලා වැඩ කරන්න පුළුවන් නිසා, අනාගතයේදී දිය යට මෙහෙයුම්වලදී මේක ලොකු පෙරළියක් කරාවි.

Discussion & Feedback