චීනය විසින් ලොව ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම රොබෝවරුන් මගින් පාලනය වන හෝටලයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 2027 වසරේ මුල් භාගයේදී විවෘත වීමට නියමිත මෙම අති නවීන හෝටලය පිහිටා තිබෙන්නේ ෂෙන්සෙන්-ෂොංෂාන් සම්බන්ධක මාර්ගයේ පිහිටි බටහිර කෘතිම දූපතේයි. මේ හෝටලයේ විශේෂත්වය තමයි අමුත්තන් පිළිගැනීමේ සිට ගමන් මලු රැගෙන යාම, කාමර සේවාවන්, පිරිසිදු කිරීම්, ආරක්ෂක කටයුතු සහ අමුත්තන්ට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන්නේ රොබෝවරුන් විසින් පමණක් වීම.
මෙම ව්‍යාපෘතියේ මූලික අත්හදා බැලීම් 2026 වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ඉන් අනතුරුවයි 2027 වසරේදී හෝටලය නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කරන්නේ. චීනය මෙම කෘතිම දූපත රොබෝ තාක්ෂණය සහ අති නවීන තාක්ෂණික අංගයන්ගෙන් සමන්විත ප්‍රධාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. අනාගතයේදී සංචාරක ක්ෂේත්රයේ සිදුවන විශාල පෙරළියක් ලෙස මෙම හෝටලය හඳුන්වා දෙන්න පුළුවන්.
තාක්ෂණය දිනෙන් දින දියුණු වන ලෝකයක, මිනිස් ශ්‍රමය වෙනුවට රොබෝවරුන් යොදාගෙන මෙවැනි හෝටල් පවත්වාගෙන යාම සංචාරකයින්ට අලුත්ම අත්දැකීමක් වනු නොඅනුමානයි. ඉදිරියේදී ලොව පුරා මෙවැනි තාක්ෂණික හෝටල් බිහිවීමට මෙය මූලික පදනමක් වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

Discussion & Feedback