චීන-නේපාල දේශසීමාවේ ඇතිවූ ග්ලැසියර කඩා වැටීම හේතුවෙන් හටගත් ජලාශයේ අවදානම තරමක් පහව යාමත් සමඟ, අත්හිටුවා තිබූ සහන කටයුතු යළි ආරම්භ කිරීමට චීන බලධාරීන් පියවර අරන් තියෙනවා. පසුගිය බදාදා සිදුවූ මෙම ග්ලැසියර කඩා වැටීම නිසා දැවැන්ත ගංවතුරක් හටගෙන දේශසීමාවේ පිහිටි ගිරොං දේශසීමා මධ්‍යස්ථානයට විශාල හානියක් සිදුවුණා. එහිදී වාහන සහ පුද්ගලයන් ගංවතුරට හසුවී අතුරුදන් වුණා. ජලාශයේ ජල මට්ටම මිලියන 2.5 ඉක්මවා යාම නිසා හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත්, මේ වන විට තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක පවතින බවයි ඉංජිනේරුවන් පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයේ තවමත් වැසි සහිත කාලගුණයක් පවතින නිසා නායයෑම් සහ ගල් පෙරළීමේ අවදානමක් තියෙනවා. මේ වන විට ටිබෙට් ප්‍රදේශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, දෙරටේම දේශසීමා ආශ්‍රිතව පුද්ගලයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වෙලා තියෙනවා. අතුරුදන් වූවන් අතර රටවල් 31ක විදේශිකයන් 540ක් පමණ සිටින බවයි බලධාරීන් සඳහන් කරන්නේ. ඉදිරි දින කිහිපය තුළත් වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ අනාවැකි පළ වී ඇති නිසා, සහන කණ්ඩායම් ඉතාමත් ප්‍රවේශමෙන් තම මෙහෙයුම් සිදු කරමින් ඉන්නවා.

Discussion & Feedback