අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, චීනයේ ‘ටියන්වෙන්-2’ (Tianwen-2) යානය විසින් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන ‘කමූඕලෙවා’ (Kamo’oalewa) නම් කුඩා ග්රහකයේ පළමු ඡායාරූපය පෘථිවියට එවා තිබෙනවා. මෙය සාමාන්ය සඳක් නොවෙයි, පෘථිවිය වටා කක්ෂගතව පවතින ‘ක්වාසී-මූන්’ (quasi-moon) හෙවත් අර්ධ-සඳක් ලෙසයි විද්යාඥයන් හඳුන්වන්නේ. මීටර් 15ත් 20ත් අතර ප්රමාණයකින් යුත් මෙම අසමමිතික ගල, මීට වසර මිලියන ගණනකට පෙර අපේ සඳ මත සිදු වූ දැවැන්ත ගැටුමකින් විසිවී ගිය කොටසක් විය හැකි බවටයි විද්යාඥයන් සැක කරන්නේ.
මෙම මෙහෙයුම සඳහා ටියන්වෙන්-2 යානය කිලෝමීටර් බිලියනයක් පමණ දුරක් ගෙවා ග්රහකය අසලට ළඟා වී තිබෙනවා. ඉදිරි වසරක කාලය තුළ විවිධ උපකරණ 11ක් භාවිතයෙන් මෙම ග්රහකය ගැන පර්යේෂණ සිදු කිරීමටත්, අවසානයේ එහි මතුපිටින් සාම්පලයක් ලබාගෙන පෘථිවියට රැගෙන ඒමටත් චීන විද්යාඥයන් සැලසුම් කරලා තියෙනවා. මීට පෙර ඇමරිකාව සහ ජපානය මෙවැනි සාම්පල ලබාගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කර තිබුණත්, චීනය සිය පළමු ග්රහක මෙහෙයුම ලෙස මෙය දියත් කරන්නේ අභ්යවකාශ ක්ෂේත්රයේ ඔවුන්ගේ බලය තවදුරටත් තහවුරු කරමින්. මෙම සාම්පල ලැබීමෙන් පසු, කමූඕලෙවා ඇත්තටම අපේ සඳෙන් කැඩී ගිය කොටසක්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු දැනගන්න පුළුවන් වේවි.

Discussion & Feedback