චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙරටම එකඟතාව පළ කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි සෙන්හොං මහතා සඳහන් කළේ, දෙරටේ හමුදාවන් අතර පවතින සබඳතාව ඉතා දීර්ඝ කාලයක සිට පැවත එන සහ අභියෝග හමුවේ පවා නොසැලී පවතින එකක් බවයි. විශේෂයෙන්ම පසුගිය කාලයේදී පුහුණු කටයුතු, තාක්ෂණික හුවමාරු සහ ආපදා කළමනාකරණ කටයුතු හරහා මෙම සබඳතා වඩාත් පුළුල් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම, චීන හමුදාව ලෝක සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට ලබා දෙන දායකත්වය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා. චීන හමුදාව ලොව පුරා රටවල් රැසක මානුෂීය මෙහෙයුම් සඳහා දායක වෙමින් ලක්ෂ හතරකට අධික පිරිසකට වෛද්‍ය පහසුකම් ලබා දී තිබෙනවා. ලබන වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන්, දෙරටේ හමුදාවන් අතර පවතින මෙම මිත්‍රත්වය තවදුරටත් ප්‍රායෝගික සහ ඵලදායී මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ කර්නල් ෆු ෂියාඕ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback