චීනය මේ දිනවල අඟහරු ග්රහයා වෙත ඉතාමත් සුවිශේෂී මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. ‘ටියෑන්වෙන් 3’ (Tianwen 3) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමේ ප්රධාන අරමුණ වෙන්නේ අඟහරු මතුපිටින් පස් සහ ගල් සාම්පල ග්රෑම් 500ක් පමණ පෘථිවියට රැගෙන ඒමයි. මේ සඳහා චීනය ඔවුන්ගේ ප්රබලතම ‘ලෝන්ග් මාර්ච් 5’ රොකට් දෙකක් භාවිතා කරමින් 2028 වසරේදී අභ්යවකාශයට යාමට සැලසුම් කර තිබෙනවා. සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, 2031 වසර වන විට මෙම සාම්පල පෘථිවියට ළඟා වනු ඇති බවයි චීන විද්යාඥයින් පවසන්නේ.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු නාසා විද්යාඥ ස්කොට් හබාඩ් පවසන්නේ, මෙය අභ්යවකාශ තරඟයේදී චීනය ලබාගන්නා ඉතා වැදගත් ජයග්රහණයක් බවයි. ඔහු මෙය හඳුන්වන්නේ ‘ස්පුට්නික් මොහොතක්’ ලෙසයි. අඟහරු මත ජීවයේ සලකුණු සෙවීම මෙම මෙහෙයුමේ ප්රධාන අරමුණ වන අතර, එයින් ලැබෙන දත්ත මගින් අඟහරුගේ භූ විද්යාව සහ පරිණාමය පිළිබඳව අපට මීට පෙර නොදැන සිටි බොහෝ කරුණු දැනගන්න පුළුවන් වෙනවා. දැනටමත් චීන විද්යාඥයින් මෙම මෙහෙයුම සඳහා අවශ්ය තාක්ෂණික කටයුතු ඉතා වේගයෙන් සිදුකරමින් පවතින අතර, 2026 වසර අවසානය වන විට අඟහරු මත ගොඩබසින ස්ථානය පවා තීරණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ මෙය සැබවින්ම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback