දැනට ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා ‘LightSpy’ කියන භයානක ඔත්තු මෘදුකාංගය ගැන. මුලින්ම චීනයට විතරක් සීමා වෙලා තිබුණ මේ මෘදුකාංගය දැන් ඇමරිකාව සහ යුරෝපය ඇතුළු රටවල් 13කට වඩා පැතිරිලා ඉවරයි. සයිබර් ආරක්ෂක විශේෂඥයන් කියන විදිහට, මේක දැන් සාමාන්‍ය ඔත්තු මෘදුකාංගයකට වඩා එහා ගිය ව්‍යාපාරික මට්ටමේ වේදිකාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. රජයන්, හමුදාවන් සහ විවිධ ආයතන ඉලක්ක කරගෙන මේක විකුණන්න පවා ඔවුන් කටයුතු කරනවා කියලයි ආරංචි වෙන්නේ.
මේ මෘදුකාංගය හරහා ස්මාර්ට්ෆෝන්, ඇපල් උපාංග, ලිනක්ස් සර්වර් සහ වින්ඩෝස් පීසී වගේ ඕනෑම දෙයක් පහසුවෙන් හැක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම පරිශීලකයන්ගේ පෞද්ගලික පණිවිඩ, ස්ථාන දත්ත, මුරපද සහ තිරයේ සිදුවන දේවල් පවා මේ මගින් හොරකම් කරනවා. ඒ විතරක් නෙවෙයි, දුරස්ථව ඉඳන් උපාංග සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්නත් මේකට පුළුවන්. අලුත්ම තත්ත්වය තමයි, දැන් මේ අය රවුටර් (Routers) පවා හැක් කරන්න පටන් අරන් තියෙනවා. මේ නිසා නේටෝ (NATO) සාමාජික රටවලට පවා ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙනවා.
මේ ඔත්තු මෘදුකාංගය මෙහෙයවන කෙනා කරපු පොඩි වැරැද්දක් නිසා තමයි මේක පිටුපස ඉන්නේ චීන කොන්ත්‍රාත්කරුවෙක් කියලා හොයාගන්න පුළුවන් වුණේ. එයා මේ මෘදුකාංගයේ ඇඩ්මින් පැනල් එක පාවිච්චි කරලා තමන්ගේම නමින් සහ කාර්යාල ලිපිනයෙන් කෑම ඇණවුම් කරලා තිබුණා. මේ සිද්ධියෙන් පේන්නේ තාක්ෂණය කොයිතරම් දුරට අපේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වෙලාද කියන එකයි. ඒ නිසා ඔයාලගේ උපාංග ගැන හැමවෙලේම සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්.

Discussion & Feedback