අභ්‍යවකාශ ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් චීනය විසින් නැවත භාවිතා කළ හැකි රොකට් තාක්ෂණය සාර්ථකව අත්හදා බැලීමට සමත් වෙලා තියෙනවා. චීනයේ රාජ්‍ය අභ්‍යවකාශ සමාගමක් වන CASC විසින් දියත් කළ ලෝන්ග් මාර්ච් රොකට්ටුවේ කොටසක් සාර්ථකව මුහුදේ තිබූ යාත්‍රාවක් මත ගොඩබෑමට ඔවුන් සමත් වුණා. මේක ඇත්තටම ලොකු දෙයක්, මොකද මීට කලින් මේ වගේ දක්ෂතාවයක් පෙන්නුවේ එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම විතරයි. මේ තාක්ෂණය හරහා රොකට් එකක් නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන් නිසා අභ්‍යවකාශ ගමන් සඳහා යන වියදම විශාල වශයෙන් අඩු කරගන්න චීනයට පුළුවන් වෙනවා.
ස්පේස් එක්ස් සමාගම තමන්ගේ ෆැල්කන් 9 රොකට් හරහා දැනටමත් ලෝකයේ අභ්‍යවකාශ වෙළඳපොළේ පෙරමුණේ ඉන්නවා. නමුත් චීනයේ මේ නව පියවරත් එක්ක ඉදිරියේදී ගෝලීය වශයෙන් ලොකු තරඟයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අප්‍රිකාව, මැද පෙරදිග සහ අග්නිදිග ආසියානු කලාපවල චීනය තමන්ගේ චන්ද්‍රිකා සන්නිවේදන ජාලයන් හරහා ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියට දැඩි තරඟයක් ලබා දෙන්න සූදානම් වෙනවා. මේක ඇත්තටම අභ්‍යවකාශ බලය සම්බන්ධයෙන් ඇමරිකාවටත් ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. චීනය මේ වසර අවසානය වන විට තමන්ගේ රොකට් බූස්ටරය නැවත භාවිතා කිරීමේ පූර්ණ අත්හදා බැලීම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback