මේ දිනවල චීනයේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති ‘ඩොල්ෆින්’ නම් දරුණු සුළි කුණාටුව හේතුවෙන් එරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තියෙනවා. මේ වසරේ චීනයට බලපෑ ප්‍රබලම කුණාටුව ලෙස සැලකෙන මෙය නිසා ෂැංහයි නුවර ඇතුළු ප්‍රදේශ රැසක මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පැයට කිලෝමීටර් 150ක වේගයකින් හමා ගිය සුළං සහ අධික වර්ෂාව නිසා ප්‍රවාහන සේවා සියල්ලම පාහේ නතර වෙලා තියෙන අතර, ෂැංහයි ගුවන් තොටුපළේ ගුවන් ගමන් දහසකට ආසන්න ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවුණා. දැනට ලැබෙන තොරතුරු අනුව වෙන්ලින් ප්‍රදේශයේ නව හැවිරිදි පිරිමි ළමයෙක් මුහුදට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බවත් වාර්තා වෙනවා.
කාලගුණ විද්‍යා අංශ පවසන විදිහට ඉදිරි දින කිහිපය තුළත් තද වැසි සහ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ නිසා ප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ ඩිස්නිලන්තය වැනි ස්ථාන පවා තාවකාලිකව වසා දමන්න බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මේ කුණාටුව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු සහ වීඩියෝ පතුරුවා හැරිය පුද්ගලයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය පියවර ගෙන තියෙනවා. කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හන්ග්ෂු වැනි නගරවල රථ වාහන නැවැත්වීමේ ගාස්තු පවා ඉවත් කර තිබෙනවා. කුණාටුව තවදුරටත් උතුරු දෙසට ගමන් කරන නිසා ජනතාවට ඉතාම විමසිල්ලෙන් ඉන්න කියලා බලධාරීන් දිගින් දිගටම අනතුරු අඟවනවා.

Discussion & Feedback