චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණවල පුරෝගාමියෙක් විදිහට සැලකෙන හිටපු අගමැති ෂූ රොංජි වයස අවුරුදු 97කදී අභාවප්‍රාප්ත වුණා. ඔහු වෙනුවෙන් බීජිං නුවරදී පැවැත්වුණු අවමංගල්‍ය උත්සවය ඉතාම සරලව සහ රහසිගතව සිදු කිරීමට චීන රජය පියවර ගෙන තිබුණා. ජනාධිපති ෂී ජින්පින් ඇතුළු ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනෙක් මේ අවස්ථාවට සහභාගි වුණත්, ඒ සම්බන්ධයෙන් කිසිදු දර්ශනයක් මාධ්‍යයට නිකුත් කර තිබුණේ නැහැ. 1998 සිට 2003 දක්වා චීනයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ෂූ, චීනය ලෝක වෙළඳ සංවිධානයට ඇතුළත් කිරීමට සහ දැවැන්ත ආර්ථික වෙනස්කම් සිදු කිරීමට මූලික වුණා.
මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ෂූ රොංජි ගැන පළවන මතක සටහන් සහ අදහස් දැඩි ලෙස වාරණය කිරීමට චීන බලධාරීන් කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ආර්ථික විද්‍යාඥයෙක් ලියූ ලිපියක් WeChat හරහා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. බොහෝ චීන වැසියන් ෂූ රොංජි සහ හිටපු ජනාධිපති ජියැං සෙමින්ගේ යුගය ගැන නොස්ටැල්ජියාවකින් පසුවන අතර, එම කාලය වඩාත් නිදහස් සහ පැහැදිලි අනාගතයක් තිබූ යුගයක් ලෙස ඔවුන් දකිනවා. කෙසේ වෙතත්, එවැනි මහජන ශෝක ප්‍රකාශ කිරීම් වත්මන් රජයට එරෙහි විවේචන බවට පත්වෙයි කියන බිය නිසා චීන රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback