මීට දින කිහිපයකට පෙර චීනයේ ලෝන්ග් මාර්ච් 7A රොකට්ටුවක් අභ්යවකාශ ගත කිරීමේදී අසාර්ථක වී පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වුණා. මේ නිසා චීනයේ අභ්යවකාශ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට සිදුවුණත්, ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් නැවතත් සාර්ථකව අභ්යවකාශ මෙහෙයුම් දෙකක් දියත් කිරීමට සමත් වුණා. අගෝස්තු 16 වැනිදා හයිනාන් දූපතේ සිට ලෝන්ග් මාර්ච් 12 රොකට්ටුවක් මගින් අන්තර්ජාල සේවා සැපයෙන චන්ද්රිකා 24ක් සාර්ථකව කක්ෂගත කළ අතර, එයින් පැය 24ක් ගත වීමටත් පෙර තායිවාන් අභ්යවකාශ මධ්යස්ථානයෙන් ලෝන්ග් මාර්ච් 2C රොකට්ටුවක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්යයට අයත් චන්ද්රිකාවක් සාර්ථකව අභ්යවකාශයට යැවීමට චීනය කටයුතු කළා.
පසුගියදා පුපුරා ගිය ලෝන්ග් මාර්ච් 7A රොකට්ටුවේ අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතිනවා. කෙසේ වෙතත්, එම අසාර්ථකත්වය නොතකා චීනය සිය අභ්යවකාශ වැඩසටහන් ඉතා වේගයෙන් ඉදිරියට ගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. ඉදිරි දිනවලදී තවත් වැදගත් මෙහෙයුම් කිහිපයක්ම දියත් කිරීමට ඔවුන් සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම සඳෙහි දක්ෂිණ ධ්රැවය ගවේෂණය කිරීම සඳහා චෑන්ග්-ඊ 7 (Chang’e 7) රොබෝ මෙහෙයුම ලෝන්ග් මාර්ච් 5 රොකට්ටුවක් මගින් දියත් කිරීමට නියමිතයි. චීනයේ මෙම වේගවත් නැවත පිබිදීම ලෝක අභ්යවකාශ ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback