පෘථිවිය දෙසට ඇදී එන අභ්යවකාශ ග්රහක පිළිබඳව කලින්ම අනතුරු ඇඟවීමේ නවීන පද්ධතියක් නිර්මාණය කිරීමට චීනය මේ වන විට සැලසුම් කරමින් ඉන්නවා. ජාත්යන්තර ග්රහක දිනය නිමිත්තෙන් චීන ජාතික අභ්යවකාශ පරිපාලනය මේ බව ප්රකාශ කළා. දැනටමත් පෘථිවියට ආසන්නව ග්රහක 40,000ක් පමණ සොයාගෙන තිබුණත්, ඉන් බොහෝමයක් තවමත් හඳුනාගෙන නැහැ. විශේෂයෙන්ම සූර්යයාගේ ආලෝකය නිසා පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට අපහසු ග්රහක හඳුනා ගැනීම මෙම නව ව්යාපෘතියේ ප්රධාන අරමුණක් වෙනවා.
මෙම වැඩසටහන සඳහා චීනය අභ්යවකාශයේ සහ පොළොවේ ස්ථාපිත කළ හැකි ඒකාබද්ධ නිරීක්ෂණ ජාලයක් භාවිතා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා විශාල දුරේක්ෂ මෙන්ම අභ්යවකාශයේ ස්ථානගත කරන චන්ද්රිකා මාලාවක් ද යොදාගන්නවා. විශේෂයෙන්ම සූර්යයා දෙසින් එන ග්රහක හඳුනා ගැනීමට මෙය ඉතා වැදගත් වේවි. මීට පෙර රුසියාවේ චෙල්යාබින්ස්ක් ප්රදේශයට කඩා වැටුණු උල්කාපාතය වැනි අනතුරු වළක්වා ගැනීමට මෙම තාක්ෂණය මගින් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි විද්යාඥයන් විශ්වාස කරනවා.
චීනය මේ වන විටත් මෙම ව්යාපෘතියේ මූලික අදියරයන් පිළිබඳ පර්යේෂණ සිදු කරමින් ඉන්නවා. නාසා ආයතනයේ DART මෙහෙයුම වැනි ග්රහකවල ගමන් මග වෙනස් කිරීමේ තාක්ෂණයන් ද ඔවුන් අධ්යයනය කරනවා. කෙසේ වෙතත්, මෙම ව්යාපෘතියේ නිශ්චිත කාලරාමුවක් තවමත් ප්රකාශ කර නැහැ. නමුත් ග්රහක තර්ජනවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට චීනය දක්වන උනන්දුව මෙමගින් මනාව පැහැදිලි වෙනවා.

Discussion & Feedback