පෘථිවිය දෙසට ඇදී එන අන්තරායකාරී ග්රහක කල්තියා හඳුනා ගැනීම සඳහා අති නවීන පද්ධතියක් නිර්මාණය කිරීමට චීනය පියවර ගනිමින් ඉන්නවා. ජාත්යන්තර ග්රහක දිනය නිමිත්තෙන් චීන ජාතික අභ්යවකාශ පරිපාලනය මේ බව ප්රකාශ කළා. දැනටමත් පෘථිවියට ආසන්නව ගමන් කරන ග්රහක 40,000ක් පමණ සොයාගෙන තිබුණත්, ඉන් බොහෝමයක් තවමත් හඳුනාගෙන නැහැ. විශේෂයෙන්ම සූර්යයාගේ ආලෝකය නිසා පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට අපහසු ග්රහක හඳුනා ගැනීම මේ නව ව්යාපෘතියේ ප්රධාන අරමුණක් වෙනවා.
මේ සඳහා චීනය අභ්යවකාශයේ සහ පොළොවේ ස්ථාපිත කළ හැකි ඒකාබද්ධ නිරීක්ෂණ ජාලයක් භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව, විශාල දුරේක්ෂ පොළොවේ ස්ථාපිත කරන අතරම, අභ්යවකාශයේ චන්ද්රිකා මාලාවක් යොදවා සූර්යයා දෙසින් එන තර්ජන පවා නිරීක්ෂණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සූර්යයා සහ පෘථිවිය අතර පවතින ලැග්රේන්ජ් ලක්ෂ්ය වැනි ස්ථානවල චන්ද්රිකා රඳවා තැබීමෙන් වඩාත් නිවැරදි දත්ත ලබා ගැනීමට හැකි බවයි විද්යාඥයින් පෙන්වා දෙන්නේ.
මේ වන විටත් චීනය ග්රහක ආරක්ෂණ ව්යාපෘති සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වනවා. නාසා ආයතනයේ DART මෙහෙයුම වැනි ග්රහකවල ගමන් මග වෙනස් කිරීමේ තාක්ෂණයන් පවා ඔවුන් අධ්යයනය කරමින් ඉන්නවා. අනාගතයේදී පෘථිවියට සිදුවිය හැකි විශාල ව්යසනයන් වළක්වා ගැනීමට මේ පියවර ඉතා වැදගත් වන අතර, චීනයේ මේ නව වැඩපිළිවෙල ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා.

Discussion & Feedback